FAST NEWS

24×7 Around the Globe

වර්ෂාවත් සමඟ කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය ප්‍රකාශ කරයි.    

ආමර් වීදිය, බාබර් වීදිය, ග්‍රෑන්ඩ්පාස් – ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගය සහ හයිලෙවල් මාර්ගයේ තුම්මුල්ල ප්‍රදේශයේ මෙලෙස රථ වාහන තදබදයක් හටගෙන ඇත.

දිවයිනේ පළාත් රැසකට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව ,උතුරු මැද සහ දකුණු පළාත්වල සවස් කාළයේ හෝ රාත්‍රි කාළයේදී වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසිද ඇතිවිය හැකි බව කාළගුණ නිවේදනයේ දැක්වෙයි.