FAST NEWS

24×7 Around the Globe

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත් අවුරුදු සමයේදී බහුතර ජනතාවක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීමේ ප්‍රථිඵලයක් ලෙස අදවනවිට කොරෝනා වසංගතයේ භයානක තත්වයකට රට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.   

ඉදිරි කාලසීමාවේදී මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යාමේ ඉතා අවදානම් තත්වයක් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. ආර්නල්ඩ් මහතා අවධාරණය කළේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත උත්සව අවස්ථා සඳහා දැඩි සීමා පැනවීමට සිදුවන බවද ඒ මහතා පවසයි.

එමෙන්ම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදෙකලා කළ බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.