FAST NEWS

24×7 Around the Globe

එළැඹෙන සති 03 ශ්‍රී ලංකාවට ඉතා අවධානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන සති 03 ඉතා අවධානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින්නැයි ද , විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ද මේ දිනවල බහුල වශයෙන් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.