FAST NEWS

24×7 Around the Globe

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කර ඇත.    

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිළ රුපියල් 201 ක් ලෙස පැවති අතර අද දිනයේදී එය රුපියල් 191 යි ශත 97 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

ඩොලරයක ගැණුම් අගය අද සටහන් වන්නේ රුපියල් 187 යි ශත 93 ක් ලෙසයි.