FAST NEWS

24×7 Around the Globe

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ගැන අවසන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ගත් කණ්ඩායම් වෙත දෙවන මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව අද (19) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , එන්නත් මාත්‍රාව ලබාදෙන දිනය සහ එන්නත්කරණ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳ එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන්නේ සති 10 කින්ද, 12 කින්ද යන්න මෙහිදී තීරණය කෙරෙනු ඇති.

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 9 ලක්ෂ 25 දහස් 242 දෙනෙකුට මේ වන විට ලබාදී ඇත.