FAST NEWS

24×7 Around the Globe

දියේ ගිලීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | ත්‍රිකුණාමලය ) – ත්‍රිකුණාමලය , පරවිපාංජන්කුලම් වැවේ ගිලී දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.  

පොලීසිය සඳහන් කළේ, වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් එම අනතුරට මුහුණ පා ඇති බවයි.

ඔවුන් 14 හැවිරිදි මුල්ලිපතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මේ අතර ගම්පොළ ප්‍රදේශයේදී මහවැලි ගඟට වැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහවැලි ගඟට යාබද තම ඉඩමේ පොල් ඇහිදින අතරතුර පය ලිස්සා ගොස් ඔහු එම අනතුරට මුහුණ පා ඇති බවයි.

ගම්පොළ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ගඟට පැන ඔහු බේරාගෙන රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලීසීය සඳහන් කළේය.

මේ අතර පොළොන්නරුව , ගල්ලෑල්ල ප්‍රදේශයේදී ද, දියේ ගිලී තවත් 15 හැවිරිදි දරුවෙකු මිය ගියේ ය.

ඔහු එම අනතුරට ලක්වූයේ මිතුරන් සිව්දෙනෙකු සමග දිය නාමින් සිටියදී ය.