FAST NEWS

24×7 Around the Globe

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේදී අණ නොතකා පළාගිය කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වෙඩි තබා තිබෙනවා.

එහිදී දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. නිළධාරීන් යටකර පළා යාමට ද මෙම කැබ් රථ රියදුරා කටයුතු කර තිබෙනවා.

තුවාල ලැබූවන් දෙදෙනා පේදුරුතුඩුව රෝහලේයි ප්‍රතිකාර ලබමින් සිටින්නේ. කැබ් රථය සොයා විමර්ශන ක්‍රියාත්මකයි.