FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්‍ෂ මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්විය යුතු ක‍්‍රමවේදය පිළිබදව සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට පනතේ සදහන් කොට ඇති නමුත් සෞඛ්‍ය ඇමතිවරයා විසින් එම ක‍්‍රමවේදය මෙතෙක් ගැසට් නිවේදනයකින් ප‍්‍රසිද්ධියට පත් කොට නොමැති බව සදහන් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස වාරණ නියෝගයක් නිකුත් කළේය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභිකයින් වගඋත්තරකරුවන් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.