FAST NEWS

24×7 Around the Globe

අද සිට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ගයේ ගමන් කරන රථවාහන පරික්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් අද සිට අලුත් අවුරුදු සමය අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ රියදුරන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වුවහොත් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබා නොදෙන බවයි.