FAST NEWS

24×7 Around the Globe

පළාත් 5ක ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් 5ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ඒ සමග ම ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු සහ ගිඟුරුම් සහිත අවස්ථාවල දී ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.