FAST NEWS

24×7 Around the Globe

සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට(14) යෙදී තිබේ.  

මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

ආහාර පිසීම හෙට දින පුර්වභාග 06.17ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙන් කර ගැනීම මැනවි බව නැකැත් චාත්‍රවල සඳහන්ය.

හෙට පුර්වභාග 07.16ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වේ.

මේ අතර අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.16ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, හිසට නුග පත් ද, පයට කරුඳ පත් ද තබා නුග පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

අප්‍රේල් මස 19 වන සඳුදා දින පූර්වභාග 6.39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කා කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යෑම සුබය.