FAST NEWS

24×7 Around the Globe

කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛන සැකසු රේගු නිලධාරියා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බවට පවසමින් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කළ රේගු දෙපාර්තමේන්තුවේ, සහකාර රේගු අධිකාරීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ ඒකකය මඟින් දැනට මාස කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබු බවය.