කරාතේ වසන්ත සොයිසා ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකර සමාජ ශාලාවට බරපතල අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඝාතන සැලසුමේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා යන අය අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක රදවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කලේය.
ඔහු අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රදවා සිටින සිර මැදිරියක ආරක්ෂා සහිත රදවා සිටින බවද වාර්තා විය.
මෙම සිද්ධියට සම්බන්ධව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරු 30 දෙනා වෙන වෙනම සිර මැදිරිවල රදවා සිටින බව වාර්තා විය.
ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා යන අය පෙරේදා 03 අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.







