FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –එළඹෙන උත්සව සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ද නිසිලෙස සිදුකරන ලෙසය.

මේ අතර එළඹෙන උත්සව සමය තුළ රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය තුළ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කළයුතු බවද ඔහු පැවසීය.