FAST NEWS

24×7 Around the Globe

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 

ඉදිරි දින කිහිපය ඇතුළත එම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.