FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උත්සව සමය වෙනුවෙන් පොලිසිය අද (10) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.   

ඒ අනුව නිරෝධායන රීති උල්ලංඝණය කරන පුද්ගලයින් සහ ආයතන පිළිබඳවත් රිය අනතුරු වළක්වා ගැනීම සඳහා වන පැය 24 පුරාම ක්‍රියාත්මක රථ වාහන මෙහෙයුම්ද අද සිට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මෙම මෙහෙයුමේ දී බීමත්ව රිය පදවන පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.