FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය තවත් පිරිහේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී යයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන් විය.

මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

එහි ගැනුම් මිල රුපියල් 199.21ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.