FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.   

ඊයේ (07) දිනයේ දී එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් පිරිස අද (08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.