FAST NEWS

24×7 Around the Globe

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.   

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම අදහස් පළ කළේය.