FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ආරක්ෂාවට පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක බලඇණියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා දේව මෙහෙය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දේවස්ථාන ආවරණය වන පරිදි පොලිස් හා ත්‍රිවිධ හමුදා 12000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

මෙම පිරිසෙන් 9000 ට අධික පිරිසක්. පොලිස් නිලධාරීන් බවත් සෙසු පිරිස ,විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ භට පිරිස් බව ද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

පොලිස්පතිවරයාගේ විශේෂ චක්‍රලේඛයක් යටතේ මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.