FAST NEWS

24×7 Around the Globe

සැකකටයුතු පොල් තෙල් කන්ටේනරයක් දඹුල්ලෙන් සොයාගැනේ [UPDATE]

(ෆාස්ට් නිව්ස් | දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබූ සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් දඹුල්ල පොලීසිය භාරයට ගනු ලැබීය.   

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් පොල් තෙල් අඩංගු එම කන්ටේනර් රථය ඊයේ (01) රාත්‍රියේ පරීක්ෂා කර ඇත.

අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රකාශ කළේය.

මෙම තෙල් තොගයේ සාම්පල අද දින කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමුකිරීමට නියමිතව ඇත.