FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 571කි.

මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.