FAST NEWS

24×7 Around the Globe

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන – ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.  

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලුයම මෙම පාළු නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 78 ක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.