FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (31) මධ්‍යම රාත්‍රී තෙක් සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි තැපැල්පතිවරයා සඳහන් කරයි.

මේ අතර තැපැල් වෘත්තීය සමිති කිහිපයක් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සැලසුම් කර තිබුණි.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවට නිළධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ගැටලු හයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය සිදු කරන බවයි.