FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිතයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනා ඇප මත මුදාහැරීමට අදාළ තීන්දුව අප්‍රේල් මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.    

එදින තෙක් රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියම කරනු ලැබීය.