FAST NEWS

24×7 Around the Globe

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවුරුදු උත්සව සඳහා අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ගැනීම අවශ්‍ය බව පොලීසිය දැනුම් දෙයි.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු උත්සව උත්සව තහනම් කර ඇති බවයි.

මෙවර අවරුදු උත්සව පවත්වන සංවිධායකයින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පොලිසියෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා වැඩිදුරටත් පැවසීය.

උත්සව අවස්ථාවන්හි නිරතව නිරෝධායන රෙගුලාසි දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.