FAST NEWS

24×7 Around the Globe

තහනම් පොල් තෙල් බවුසර් දෙකක් දංකොටුවේදී පොලිස් භාරයට

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – විෂ රාසායනික අඩංගු බවට අනාවරණය වී ඇති ආනයනික පොල් තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (29) රාත්‍රියේ දී 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොල් තෙල් ලීටර් 27,500 ක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තෙල් බවුසර් දෙකෙහි රියදුරන් දෙදෙනාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මුදා හැර තිබේ.