FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා පැවැත්වීම යළි කල් යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වා ඇති අතර එහිදී එම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාශ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බවයි ඊයේ (29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේය.