FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.

 

අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.