FAST NEWS

24×7 Around the Globe

එජාප නායක රනිල් ඇතුළු 5 කට වාරණ නියෝගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කේ. ජී. ධම්මික චන්ද්‍රරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම මෙන්ම ඔහු පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු කරුණ අලුත්ගේ මහතා අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු 5 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

වාරණ නියෝගය ලබන 12 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි යැවීමට නියෝග කරනු ලැබ තිබේ.