FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරක් නිසා නුවර පාරේ වේවැල්දෙණියේ රථ වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස් රථයක් සහ ලොරියක් අනතුරට ලක්වීම හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ වේවැල්දෙණිය මංසන්ධියේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

මේ වන විට අදාළ රථ එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර වාහන තදබදය අවම කිරීම සඳහා රථ වාහන පොලිසිය විසින් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.