FAST NEWS

24×7 Around the Globe

2015 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය මස 12 වන දිනෙන් අවසන්.

2015 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිමේ කාලසිමාව මේ මස 12 වන දිනෙන් අවසන් වන බවත්, 2015 ජන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව තිබේද යන්න පිළිබඳ සොයා ගැනිම සඳහා ඡන්ද හිමි නාමලේඛන මේ වන විට ප්‍රදර්ශනයට තබා ඇති බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල නාම ලේඛන ප්‍රදර්ශනය කර තිබේ.

මිට අමතරව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවියට පිවිසීමෙන් ද ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.