FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී කටයුතු කළ අතර ඔවුහු විරෝධතා පුවරු යොදා ගනිමින් විරෝධතාව දැක්වූ නිසා පාර්ලිමේන්තුව උණුසුම් විය.

එම පහරදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම මේ පිළිබඳව ප්‍රශ්න කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍යවරුන් වන තිලක් මාරපන හා ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සඳහා පිළිතුරු ලබාදුන්නේය.

HNDA පාඨමාලාවට උපාධි තත්ත්වයට පිළිගැනීමට කටයුතු කරන බවද ඔවුහු පැවැසූහ.