FAST NEWS

24×7 Around the Globe

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළේය.  

තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.