FAST NEWS

24×7 Around the Globe

සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

ඒ අනුව බතික් හා අත් යන්ත්‍ර මඟින් වියන ලද ඇඟලුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90 ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමටත් හැකිවන පරිදි එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

1969 අංක 1 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති අංක 2214/56 දරණ 2021 පෙබරවාරි 11 දිනැති ගැසට් නිවේදනයේ එකී පනතේ 20 වන වගන්තියේ විධිවිධාන පරිදි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.