FAST NEWS

24×7 Around the Globe

රවී ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහාධිකරණයට අද (23) ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන්ව නැවතත් හෙට (24) වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.