FAST NEWS

24×7 Around the Globe

රවිරාජ් ඝාතනයට හයදෙනෙක් චෝදනා ලබති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුට කොළඹ අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (03) චෝදනා ගොනු කළේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉතිරි තුන්දෙනාට චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු රහස් පොලීසියට දැනුම් දුන්නේ.

නඩුව මේ මස 17 වන දා යළි කැදවනු ඇති.

2006 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී නඩරාජා රවිරාජ් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.