FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.  

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.