FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා පත්කර ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (21) දිනයේදි මෙම පත්කිරීම සිදුකල බව නාවික හමුදාව නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රුවන් පෙරේරා මහතා වසර 1986 දී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව තිබුණි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර රුවන් පෙරේරා මහතා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කර තිබුණි.