FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරුළපන – නාගස්වත්ත ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලාගිය සැකකරුවෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.  

ඊයේ (21) අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් ඇති අතර, එහිදී මෙම සිද්ධිය වාර්තාවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

තුවාල ලැබූ පොලිස් නිළධාරීයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.