FAST NEWS

24×7 Around the Globe

අරවින්ද් කුමාර්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී A. අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කඳුරට ජනතා පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

විසිවන සංශෝධනයට සහය දැක්වීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කඳුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගයේ හවුල්කාරී දේශපාලන පක්ෂයකි.