FAST NEWS

24×7 Around the Globe

අගමැති සහ බංග්ලාදේශ ජනපති – අගමැති අතර අද ද්විපාර්ශවික සාකච්ඡා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩකා අගනුවරදී එරට විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා හමුවී ද්වීපාර්වික සාකච්ඡාවල නිරත විය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම වාණිජ හා ආයෝජන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවයි.