FAST NEWS

24×7 Around the Globe

රුධිරය පරිත්‍යාග කිරීමට එක්වන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

ඒ රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙනි.

සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.