FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2000 ක් පමණ පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීමට නැවත විභාගයක් පැවැත්වෙන බවයි.

පෙර පැවති ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල මත නැවත බඳවා ගැනීම් සිදු නොකරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ලේකම්වරයා පැවසුවේ, ඒ අනුව කඩිනමින් විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.