FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් ලබා දීමට සැරසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත දැනුම් දී ඇත.

පසුගිය පළමුවනදා වනවිට අදාළ තොරතුරු සපයන ලෙසට දන්වා තිබූ අතර මේ වනවිට ඔවුන් විසින් දී ඇති පැකේජ අධ්‍යයනය කරමින් සිටින බව කොමිසම කියා සිටියේය.

අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.