FAST NEWS

24×7 Around the Globe

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියේය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවත්, බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවනු ඇති.