FAST NEWS

24×7 Around the Globe

කෝටි 5 ක කේරළ ගංජා තොගයක් අනුරාධපුරයේදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුර) – රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාමකින් යුත් බවට සැකකෙරෙන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හලක තිබී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.