FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාන වෙන් කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.   

විදේශ සේවා කාර්යාංශය හරහා ඒ පිළිබදව කටයුතු කරන බව ද විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ විදේශ සේවා කාර්යාංශය හරහා ඒ පිළිබදව කටයුතු කරන බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000 ක් පමණ මේ වන විට නැවත දිවයිනට පැමිණ ඇති අතර, තවත් 20,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වෙන් කොට පහසුකම් සැලසීම රජයේ අරමුණ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.