FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ මංගල සංවත්සරය අද හයිඩ් පාර්ක් පිටියේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී අද පස්වරු 2.30 ට ආරම්භවේ.  

‘අභියෝග හමුවේ එකට සිටගමු’ යන තේමාවෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රදානත්වයෙන් සිදුකෙරේ.