FAST NEWS

24×7 Around the Globe

අද දවසේ කාලගුණය මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට  මි.මී. 50 ට වැඩි තරමක තදවැසි ද ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.